Oppenheimer (2023) කියන්නේ අති දක්ෂ විද්‍යාඥයෙක්ගේ ජීවිත කතාව අලලා සැකසුණු, අති විශිෂ්ඨ සිනමා නිර්මාණයක්. ජේ. රොබර්ට් ඔපෙන්හයිමර් කියන්නේ අති විශිෂ්ඨ බුද්ධියක් සහිත විද්‍යාඥයෙක්. ලෝක ප්‍රසිද්ධ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ අවසන් කාලයේ විශ්ව විද්‍යාලවලට ඇතුල් වුණු මහචාර්යවරයෙක්. හැබැයි, අපි හැමෝම එයා ගැන දන්නේ වෙන දේකින්. ඒ ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගර වලට එල්ල කෙරුණු පරමාණු බෝම්බයේ නිර්මාතෘ විදියට.
පරමාණු බෝම්බයෙන් සිද්ධ වුණු විනාශය ගැන මම හිතන්නේ හැමෝම දන්නවා. නමුත්, ඒ විනාශකාරි බෝම්බය නිර්මාණය වූ හැටි දන්නේ අතලොස්සක් විතරයි. මේ චිත්‍රපටියේදී කතා කරන්නේ, ඒ අති විශිෂ්ඨ විද්‍යාඥයාගේ විශ්ව විද්‍යාල සමයේ ඉඳලා, දෙවෙනි ලෝක යුද්ධය අවසන් වෙලා පරමාණු බෝම්බයේ පලවිපාක ගැන. දේශපාලනය මේ විශිෂ්ඨ නිර්මාණය අපයෝජනය කරන හැටි මනාව මේ නිර්මාණයේදී දකින්න පුළුවන්.
දෙවෙනි ලෝක යුද්ධයේදී ලුතිනල් ජෙනරල් ලෙස්ලි ග්‍රෝව්ස් විසින් භෞතික විද්‍යාඥ ජේ. රොබර්ට් ඔපෙන්හිමර්ව අනුයුක්ත කරනවා, අති විශාල රහස් ව්‍යාපෘතියකට. මැන්හැටන් ව්‍යාපෘතිය. ඒ දෙවෙනි ලෝක යුද්ධය අවසන් කරන්න පුළුවන් විදියේ දරුණු ආයුධයක් නිර්මාණය කරන්න. ඒ නිර්මාණය තමයි පරමාණුක බෝම්බය. වැඩි විස්තර චිත්‍රපටියේ තියෙන නිසා, මම මීට වඩා කියන්නේ නෑ, හැමෝම බලන්න, ලස්සන සිනමා නිර්මාණයක්.
මේ ලිපිය ලියන මොහොත වෙනකොට ලබාගෙන තිබුණු web ratings ගැනත් වචනයක් කියන්නම්. IMDb 8.4, Rotten Tomatoes 93%, Metacritic 88%, Google Users 90% වගේ ඉහල අගයන් අරගෙන තියෙනවා. මේ වගේ හැම තැනකින්ම ඉහල අගයන් අරගන්න ඒක ලේසි වැඩක් නෙමෙයි, ඒත් මේ චිත්‍රපටිය ඒ කඩුල්ල ජයගෙන තියෙන්නේ.
මේ අති විශිෂ්ඨ සිනමා නිර්මාණය Christopher Nolan ගේ නිර්මාණයක්. ඔහුගේම තිරරචනයක් තමයි මේ. ඇමරිකානු ඉතිහාසඥ Martin J. Sherwin සහ ඇමරිකානු නවකතා රචක Kai Bird දෙදෙනාගේ American Prometheus නම් පොත පදනම් කරගෙන තමයි මේ චිත්‍රපටිය නිර්මාණය වෙන්නේ. රඟපෑමෙන් දායක වෙනවා, Cillian Murphy (ජේ. රොබර්ට් ඔපෙන්හයිමර්), Emily Blunt (කිටී), Matt Damon (ලෙස්ලී ග්‍රෝව්ස්), Robert Downey Jr. (ලූවිස් ස්ට්‍රෝව්ස්) ඇතුළු විශාල පිරිසක්.